ටූත් පේස්ට් ඇතුලේ කුඩු ගෙනා හැටි
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකු බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු සැකකරු වෙත ලබා දීමට ගෙන එන ලද දන්තාලේප ටියුබයක් තුළ සූක්ෂම ලෙස හෙරොයින් යැයි සැකකළ හැකි පැකට් 01 හා අයිස් යැයි සැකකළ හැකි පැකට් 01ක් සඟවා තිබී සොයා ගෙන තිබෙනවා.
වේස්ලි සෝදිසි මුරපොලෙහී පිටතින් රැගෙන එන භාණ්ඩ හා අමුත්තන් සෝදිසි කිරීම් රාජකාරී නියුතු බන්ධනාගාර හදිසි ප්රථිචාර උපක්රමික බලකා නිළධාරීන් විසින් එය ගැනුණා.
එහිදී අත්අඩංගුවටගත් පුද්ගලයා සැකකරුගේ යාළුවෙකු වන අතර, මට්ටක්කුලිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම තහනම් ද්රව්ය රැගෙන පුද්ගලයා හා අදාල මත්ද්රව්ය ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, සිදුවීම සම්බන්ධනයෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මගින් විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
The post ටූත් පේස්ට් ඇතුලේ කුඩු ගෙනා හැටි appeared first on ITN News.