වංචාවක් ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර මහතා පවසනවා .
ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කෙටි පණිවිඩ මගින් ණය කාඩ් පත් තොරතුරු විමසීමක් කිසිසේත්ම සිදු නොකරන බවත් ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බවත් ඒ මහතා සඳහන් කළා
වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්රමිකව සකස් කර කර ගත් ව්යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් සිදුවෙමින් පවතින බවට තොරතුරු ඇති බවයි තැපැල්පතිවරයා කියා සිටියේ.
මහජනතාව වෙනුවෙන් ලැබෙන කෙටි පණිවිඩ සඳහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩවියකට හෝ කෙටි පණිවිඩයක් මගින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ලබාදීම සිදු නොකරන ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටියේ
මේ සම්බන්ධයෙන් විමසීම් සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ උපකාරක සේවාව 1950 සහ තොරතුරු තාක්ෂණික අංශය 011 2542104, 011 2334728, 011 2335978, 011 2687229, 011 2330072 යන අංක වලට දැනුම් දෙන ලෙසද දන්වා සිටියා
The post වංචාවක් ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් appeared first on ITN News.