මහජන සෞඛ්ය පරීක්ෂකවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි යතුරු පැදියේ අංක තහඩු සොයා ගැනේ
කුරුඳුගහහැතැක්ම ප්රදේශයේදී මහජන සෞඛ්ය පරික්ෂකවරුයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පැමිණි බවට සැකකෙරෙන යතුරු පැදියේ අංක තහඩු හා යතුරු පැදිවල කොටසක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
ඌරගස්මංහන්දිය රන්තොටුවිල කරිජ්ජවේල්ල කැටපහ බෝක්කුව අසලදීයී මේවා අත්අඩංගුවට ගෙන ඇත්තේ. මහජන සෞඛ්ය පරික්ෂකවරයෙකු වන රොෂාන් කුමාර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් දින දෙකකට පසු මෙසේ යතුරු පැදියක් ගිනි තබා තිබියදී සොයා ගත්තා.
අනතුරුව ඒ පිළිබද වැඩිදුර විමර්ශන ක්රියාත්මක කෙරුණා.
එම විමර්ශනවල ප්රතිඵලයක් ලෙස යතුරු පැදියේ අංක තහඩු දෙක සොයා ගැනුණා.
කැටපහ බෝක්කුව අසල ඇල මාර්ගයේ අඩි 09 ක් පමණ ගැඹුරු වළක තිබියදීයී මේවා සොයාගෙන ඇත්තේ.
The post මහජන සෞඛ්ය පරීක්ෂකවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි යතුරු පැදියේ අංක තහඩු සොයා ගැනේ appeared first on ITN News.