ලෝක වාර්තාවකට හිමිකම් කියු ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිලේ සුපිරි හඹා යෑම සහ චමරීගේ අද්විතීය පිතික...
කාන්තා එක්දින ක්රිකට් තරග ඉතිහාසයේ ඉහළම සාර්ථක ලකුණු හඹා යාමේ ලෝක වාර්තාව බිහි කිරීමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම ඊයේ (අප්රේල් මස 17 වෙනිදා) සමත් විය.ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම මෙම දක්ෂතාවය දැක්වුයේ දකුණු අප්රිකානු කාන්තා ක්රිකට් කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගයේදීයි.