මෛත්රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කළා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා
The post මෛත්රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි appeared first on ITN News.