ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්රිය වෙයි – සුනාමි අනතුරු ඇඟවීමක්
ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරා යාමෙන් යාමත් සමග සුනාමි තත්ත්වයක් ඇති ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා
ඒ හේතුවෙන් ඒ ආසන්න ප්රදේශවාසීන් සිය ගණනක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි වර්තා කර ඇත්තේ.
ඉන්දුනීසියාවේ උතුරු සුලවේසියෙහි රුආං දූපතේ පිහිටා ඇති අඩි 2400ක පමණ උසකින් යුතු ගිනිකන්දක් ඊයේ සිට පුපුරා යමින් තිබෙනවා.
මෙම ගිනිකන්ද මුහුදට කඩා වැටී සුනාමි රල ඇති විය හැකි බවට ඇතිවී තිබෙන අවදානම හේතුවෙන් අදාළ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
සුලවේසි දූපතේ උතුරු ප්රදේශයේ පිහිටි ගිනිකන්දේ පසුගිය පැය 24 තුළ අවම වශයෙන් විශාල පිපිරීම් පහක් සිදුවූ බව ඉන්දුනීසියාවේ ගිනිකඳු හා භූ කම්පන ආපදා මධ්යස්ථානය පවසනවා.
බලධාරීන් ගිනිකඳු අනතුරු ඇඟවීම ඉහළම මට්ටමට ගෙන ගොස් ඇතැයි ද සඳහන්.
The post ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්රිය වෙයි – සුනාමි අනතුරු ඇඟවීමක් appeared first on ITN News.