මියන්මාර සයිබර් අපරාධකරුවන්ගෙන් බේරාගත් ශ්රී ලාංකිකයින් 8ක් ලංකාවට
මියන්මාරයේ වංචනික සයිබර් ජාවාරම්කරුවන්ගෙන් මුදාගත් ශ්රීලාංකිකයන් නිරුපද්රිතව අද යළි දිවයිනට ගෙන්වා ගත්තා.
මියන්මාරයේ සහ තායිලන්තයේ දූත මණ්ඩල සමග සම්බන්ධීකරණයෙන් විදේශ කටයුතු අමාත්යාංශය මේ සදහා සාර්ථකව පහසුකම් සැළසුවා.
ශ්රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව මියන්මාර බලධාරීන් පසුගිය 04 වනදා මෙම ශ්රී ලාංකිකයන් මුදාගත්තා.
ඔවුන් පසුගිය 11 වනදා තායිලන්තයේ මෑසොට් දේශසීමාව ආසන්නයේදී එම පිරිස භාර දුන්නා.මුදාගත් ශ්රී ලාංකිකයන් මව්රටට ගෙන්වා ගැනීම සදහා සංක්රමණය පිළිබද ජාත්යන්තර සංවිධානය සහාය හිමි වුණා.
මෙසේ නිදහස් කරගත් ශ්රී ලාංකිකයන් 08 දෙනෙකු අද දිවයිනට පැමිණියා.
The post මියන්මාර සයිබර් අපරාධකරුවන්ගෙන් බේරාගත් ශ්රී ලාංකිකයින් 8ක් ලංකාවට appeared first on ITN News.