මව් බිමට ආඩම්බරයක් රැගෙන ආ පියුමි – අඟහරු වෙත යයි
අඟහරු ග්රහයාගේ ගවේෂණ කටයුතු පිළිබඳ පර්යේෂණයකට ශ්රී ලාංකික විද්යාඥවරියක් ද තෝරා ගෙන තිබෙනවා.
මව් බිමට ආඩම්බරයක් රැගෙන ආ මෙම විද්යාඥවරිය පියුමි විජේසේකරයි.
අඟහරු ග්රහයාගේ පාරිසරික ලක්ෂණ සහිත වාසස්ථානයක මෙහෙයුමක් සදහා වන කාර්ය මණ්ඩලයට 4 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා. ඉන් එක් අයෙකු වන්නේ ශ්රී ලාංකික විද්යාඥවරියක වන පියුමි විජේසේකරයි.
මැයි 10 වනදා සිට දින 45ක් ඔවුන් නාසා ආයතනයේ ගගන ගාමීන් ලෙස කටයුතු කරන බවයි නාසා ආයතනය නිවේදනය කර ඇත්තේ.
පියුමි විජේසේකර මේ වන විටත් ඇමෙරිකාවේ විද්යාඥවරියක ලෙස කටයුතු කරනවා.
The post මව් බිමට ආඩම්බරයක් රැගෙන ආ පියුමි – අඟහරු වෙත යයි appeared first on ITN News.