ගිණිඅවි නිෂ්පාදනය කළ ස්ථානයක් වටලයි
වාහන අලුත්වැඩියා කරන ස්ථානයක මුවාවෙන් ගිණිඅවි නිෂ්පාදනය කළ ස්ථානයක් වැටලීමට අම්බලන්ගොඩ පොලිසියට හැකිවුණා.
සීනිගොඩ වතුගෙදර ප්රදේශයේ නිවසක මෙම අවි නිෂ්පාදනය සිදුකර තිබෙනවා.
බෝර 12 වර්ගයේ උණ්ඩ දැමිය හැකි ගිණිඅවියක් හා ජීව උණ්ඩ දෙකක් මෙහි තිබි සොයා ගත්තා.
මෙසේ අත්අඩංගුවට ගත් ගිණිඅවිය අම්බලන්ගොඩ අවට ප්රදේශයේ පසුගිය දිනවල සිදුකළ ඝාතනවලට යොදා ගත් ගිණිඅවිය ද යන්න පිළිබද සැක මතුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සීනිගොඩ පැටී නැමැති සැකකරු අත්අඩංගුවට ගත්තා.
The post ගිණිඅවි නිෂ්පාදනය කළ ස්ථානයක් වටලයි appeared first on ITN News.