‘ජයගමු ශ්රී ලංකා’ මේ සතියේ මන්නාරමට
විදේශ රැකියා සඳහා මෙරට ශ්රමිකයන් යොමු කිරීම මෙන්ම රැකියා සඳහා විදෙස් ගත වුවන් වෙනුවෙන් ක්රියාත්මක ජයගමු ශ්රී ලංකා තවත් වැඩසටහනක් මන්නාරමේ දී පැවැත්වෙනවා.
කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය ක්රියාත්මක කරන මෙම වැඩසටහන පසුගිය දිනවල දිවයිනේ ප්රදේශ කිහිපයකදීම සාර්ථකව පැවැත්වුණා.
ඒ අනුව වවුනියාව වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ මන්නාරම නගර සභා ක්රීඩාංගනයේදීයි. රැකියා සදහා විදෙස් ගත වීමට අපේක්ෂාවෙන් සිටින අයගේ අවශ්යතා පිළිබද සොයා බලා ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලබාදීම මෙහිදි සිදුවනවා.
අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ මූලිකත්වයෙනුයි ව්යාපෘතිය ආරම්භ කෙරුණේ.
තරුණ තරුණියන් දහසකට අධික පිරිසක් අද දිනයේම ලියාපදිංචි වී තිබෙනවා. ජයගමු ශ්රී ලංකා වැඩසටහන මන්නාරම නරග සභා ක්රීඩාංගනයේ දී හෙට දිනයේ ද පැවැත්වෙනවා.
The post ‘ජයගමු ශ්රී ලංකා’ මේ සතියේ මන්නාරමට appeared first on ITN News.