කැබ් රථයක් විදුලි කණුවක ගැටීමෙන් දෙදෙනෙකුට තුවාල
මොරගහකන්ද මාරගමුව ප්රදේශයේ දී කැබ් රථයක් අධි බැලැති විදුලි කණුවක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා.
ඇළහැර නාවුල ප්රධාන මාර්ගයේ සිදුවු මෙම අනතුරෙන් තුවා ලබා ඇත්තේ රත්තොට ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
කතරගම වන්දනාවේ ගොස් සිය නිවස බලා යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්වුණා.
අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයන් 8 දෙනෙකු සිට තිබෙනවා.
විදුලි කණුවේ ගැටුණු රථය පෙරළී ගිය බවයි ප්රදේශවාසීන් පවසන්නේ.
ප්රදේශවාසීන් මහත් පරිශ්රමයක් දරා තුවාලකරුවන් කැබ් රථයෙන් පිටතට ගෙන තිබෙනවා.
අධික වේගය හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
The post කැබ් රථයක් විදුලි කණුවක ගැටීමෙන් දෙදෙනෙකුට තුවාල appeared first on ITN News.