වෙඩි තැබීම් දෙකකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
නියාගම ප්රදේශයේ දී සහ අම්බලන්ගොඩ දී සිදුවූ වෙඩි තැබීම්වලට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
පසුගිය 11 වනදා හොරන්ගල්ල නියාගම ප්රදේශයේ දී වෙඩි තැබීමක් සිදුවුණා.
එදිනම අම්බලන්ගොඩ ප්රදේශයේ දී ද වෙඩි තැබීමක් සිදුවූ අතර මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරුණා. යුක්තිය මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකාය හොරන්ගල්ල ශ්රී පුරාණ මහා විහාරය ප්රදේශයේ වැටලීමක් සිදුකෙරුණා.
එහිදී මෙම වෙඩි තැබීම්වලට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු හොරොව්පතාන ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක පුද්ගලයෙක්. වැඩිදුර විමර්ශන සදහා සැකකරු පිටිගල පොලීසිය වෙත භාරදී තිබෙනවා.
The post වෙඩි තැබීම් දෙකකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.