ජයගමු ශ්රී ලංකා මන්නාරම් දිස්ත්රික් වැඩසටහනේ දෙවන දිනය අදයි
විදේශ රැකියා සඳහා මෙරට ශ්රමිකයන් යොමු කිරීම මෙන්ම රැකියා සඳහා විදෙස් ගත වුවන් වෙනුවෙන් ක්රියාත්මක ජයගමු ශ්රී ලංකා මන්නාරම් දිස්ත්රික් වැඩසටහනේ දෙවන දිනය අදයි.
ජයගමු ශ්රී ලංකා මන්නාරම දිස්ත්රික් ජංගම සේවා වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් මන්නාරම් නගර සභා ක්රීඩාංගනයේ දී ඊයේ දිනයේ දී ආරම්භ කෙරුණා.
එහිදී විදේශ රැකියා සදහා දැනුවත් කිරීම් සිදුකෙරුණු අතර ඊට අදාළ ලියාපදිංචි කිරීම් ද ආරම්භ කෙරුණා.
මෙම වැඩසටහනේ දෙවන දිනය වන අද දිනයේදීත් විදේශ රැකියා ක්ෂේත්ර යේ තොරතුරු පිළිබදව ජනතාව දැනුවත් කිරීම් සිදුවනවා.
එමෙන්ම විදේශ රැකියා අවස්ථා සදහා එක්වීමට අවශ්ය ලියාපදිංචි කිරීම් අද දිනයේදී සිදුකරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරන්නේ.
විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ උපදෙස් මත ක්රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සදහා අද දිනයේ දී විශාල පිරිසක් එක්ව සිටියා.
The post ජයගමු ශ්රී ලංකා මන්නාරම් දිස්ත්රික් වැඩසටහනේ දෙවන දිනය අදයි appeared first on ITN News.