'Fox Hill Supercross 2024' ධාවන තරගය: දියතලාවේ දී සිදුවූ අනතුරට හේතුව කුමක්ද ?
දියතලාව, නරියා කන්ද හිදී පැවති "Fox Hill Supercross 2024" මෝටර් රථ ධාවන තරගය අතර වාරයේදී අද ( අප්රේල් මස 21 වෙනිදා) සිදුවූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලැබීය.මියගිය පිරිස අතර වයස අවුරුදු 08ක පමණ දැරියක් ද සිටින බව යුද හමුදා මාධ්ය ප්රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර බීබීසී සිංහල සේවයට පැවසුවේය.