ශ්රී ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්රතිමාව කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරීම හෙට
ශ්රී ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්රතිමාව නල්ලතන්නිය ශ්රී පාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරීම හෙට සිදුකෙරෙනවා.
එම විහාරාධිපති පූජ්ය දෙහිපේනන්ද හිමියන් පැවසුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට වැඩම කරවන මෙම දේව ප්රතිමාව ටොන් එකක බරකින් සමන්විත බවයි.
ඇත් රජුගේ ප්රතිමාව ද ටොන් එකක බරකින් සමන්විත බව ද උන්වහන්සේ පැවසුවා.
පෙරේදා දිනයේ දී මහනුවරට වැඩම කරවු ප්රතිමාව ඊයේ දිනයේ දී නාවලපිටියට වැඩම කෙරුණා.
එය අද දිනයේ දී නාවලපිටියේ සිට හැටන් හරහා මාවුස්සාකැලේ යුද හමුදා කදවුර වෙත වැඩම කරවීමයි ආරම්භ කෙරුණේ.
The post ශ්රී ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්රතිමාව කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරීම හෙට appeared first on ITN News.