‘වසත් සිරිය – 2024’ තරග ඉසව් සඳහා අයදුම්පත් විශාල ප්රමාණයක්
අප්රේල් 27 වනදා කොළඹ, ගාලු මුවදොර ෂැන්ග්රිලා හරිත භූමියේදී පැවැත්වීමට නියමිත ‘වසත් සිරිය – 2024’ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සමඟ රට පුරා ජනතාව මහත් උද්යෝගයෙන් අත්වැල් බැඳගෙන සිටින අතර අවුරුදු කුමරා – කුමරිය, මැරතන් ධාවන තරගය සහ පාපැදි සවාරිය සඳහා දැනටමත් අයදුම්පත් විශාල ප්රමාණයක් ලැබී ඇති බව නිවේදනය කර තිබෙනවා.
විවිධ පළාත් නියෝජනය කරමින් කොළඹින් දුර බැහැර ප්රදේශවල තරුණ තරුණියන් ද මේ සඳහා ඉදිරිපත්වී තිබීම විශේෂත්වයක් බවයි සඳහන් වන්නේ.
දේශීය සංස්කෘතික වටිනාකම් පිළිඹිඹු කෙරෙන විශේෂාංග රැසකින් සමන්විතව රාජ්ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03ක් යටතේ සංවිධානය කෙරුණු ‘වසත් සිරිය’ අවුරුදු උත්සවය තරග ඉසව් රැසකින් සමන්විතයි.
“වසත් සිරිය 2024” රූ සිරියෙන් සැරසීමට වයස අවුරුදු 18-30 අතර යෞවන යෞවනියන්ට ආරාධනා කෙරේ.“වසත් සිරිය” අවුරුදු කුමරා/ කුමරිය පළමු ස්ථානය සඳහා රුපියල් 100,000/-ක්ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000/-ක් සහ තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000/-ක මුදල් ත්යාග ඇතුළු වටිනා ත්යාග ද 12 වන ස්ථානය දක්වා සැනසිලි ත්යාග සහ සහතික පත් ද පිරිනමනවා
“වසත් සිරිය 2024” අවුරුදු කුමරා/ කුමරිය තරගය සඳහා අයදුම්පත් කැඳවීම හෙටින් (23) අවසන්.
ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය (පිරිමි/ කාන්තා) දිවයිනටම විවෘත අතර 2024 අප්රියෙල් 25 දින මධ්යහන 12.00 දක්වා ඒ සඳහා අයදුම් කළ හැකියි.
ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගය (පිරිමි) පළමු ස්ථානය සඳහා රුපියල් 100,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 35,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, 6 සිට 10 ස්ථාන දක්වා රුපියල් 10,000 බැගින් ද, 11 සිට 20 ස්ථාන දක්වා රුපියල් 6,000 බැගින් ද ත්යාග පිරිනමනවා
කාන්තා තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 60,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 40,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක් ද, 6 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින් පිරිනමනු ලබයි.
“වසත් සිරිය” මැරතන් ධාවන තරගය සඳහා වයස අවුරුදු 16ට වැඩි ක්රීඩක ක්රීඩිකාවන් සඳහා අවස්ථාව හිමි වේ. සම්පූර්ණ කරන ලද අයදුම්පතේ පැහැදිලි ඡායාරූපයක් 2024 අප්රේල් 26 දින පෙ.ව 10.00ට පෙර 0710573828 යන දුරකථන අංකයට WhatsApp මඟින් යොමු කළ හැකියි.
.
මැරතන් තරගයේ (පිරිමි) පළමුවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද පිරිනැමෙන අතර සිව්වන ස්ථානයට රුපියල් 20,000ක් සහ පස්වන ස්ථානයට රුපියල් 15,000ක් ද, හයවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින්ද, එකළොස්වන ස්ථානයේ සිට පහළොස්වන ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින් ද පිරිනමනවා
කාන්තා මැරතන් තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක්ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 10,000ක්ද , හය සහ හත්වන ස්ථාන සඳහා රුපියල් 7,500ක් බැගින් ද පිරිනැමෙන අතර අටවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින් හිමිවේ
තවද දුෂ්කර කාල පරිච්ඡේදයකට පසුව යළි ගොඩනැගෙමින් තිබෙන ශ්රී ලංකාවේ අභිමානවත් ඉදිරි මග ඇතුළුව මෙරට සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනය ඉලක්ක කරගත් ලාංකීය සංස්කෘතිය මෙන්ම අතීත උරුමය ලොව හමුවේ විදාහ දැක්වෙන අංග රැසකින් ද “වසත් සිරිය 2024” අලුත් අවුරුදු උත්සවය විචිත්රවත් කෙරෙන බවද සඳහන්.
“වසත් සිරිය – මියැසි ප්රසංගය” දිවයිනේ ජනප්රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් එදින රාත්රී 7.00ට එම ස්ථානයේ දී ආරම්භ කෙරෙනවා .
The post ‘වසත් සිරිය – 2024’ තරග ඉසව් සඳහා අයදුම්පත් විශාල ප්රමාණයක් appeared first on ITN News.