මාලිමාව විවාදයට දින දෙයි – එන්නේ නැත්නම් කියන්න – සජබෙට කියයි
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ලිඛිතව අද (22) දැනුම් දී තිබෙනවා.
ඒ මහතා අද (22) පස්වරුවේ සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම ලිපිය යොමුකළ බවයි වාර්තා වුණේ.
අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳව දැනුම්දෙන ලෙසටද ලිපියේ සඳහන්
The post මාලිමාව විවාදයට දින දෙයි – එන්නේ නැත්නම් කියන්න – සජබෙට කියයි appeared first on ITN News.