ෆොක්ස් හිල් අනතුර ගැන පරීක්ෂණ පැවැත්වීමට යුධ හමුදාවෙන් කමිටුවක්
ෆොක්ස් හිල් සුපර් ක්රොස් අනතුර පිළිබඳව සොයා බැලීමට මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්රධානත්වයෙන් 7 දෙනෙකුගෙන් යුත් විමර්ශන මණ්ඩලයක් පත් කර ඇති බව ශ්රී ලංකා යුද හමුදාව තීරණය කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.
පසුගිය ඉරිදා පස්වරුවේ දියතලාව ෆොක්ස්හිල් මොටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අනතුරින් 21 දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන්ගෙන් 15 දෙනෙකු දියතලාව මුලික රෝහලේත් තිදෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලේත් ප්රතිකාර ලබමින් සිටී.
The post ෆොක්ස් හිල් අනතුර ගැන පරීක්ෂණ පැවැත්වීමට යුධ හමුදාවෙන් කමිටුවක් appeared first on ITN News.