අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි – ජනපති

- itnnews.lk

අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්යාපන ක්රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (23) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනය අමතමින්.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA), ශ්රී ලංකාව පුරා විසිරී සිටින උපකාරක පන්ති ගුරුවරුන්ගේ එකතුවෙන් 2004 දී පිහිටුවා ගත් සංවිධානයක්.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ආරම්භක සාමාජික හා ජ්යෙෂ්ඨ ආචාර්ය කේ. ආරියසිංහ මහතා වෙත ජ්යෙෂ්ඨ ගුරු සම්මානය පිරිනැමීම සහ සෙසු ආචාර්යවරුන් වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

සමුළුවේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත සංගමයේ සභාපති රවීන්ද්ර බණ්ඩාර මහතා විසින් සමරු තිළිණයක් ද ප්රදානය කළා.

අනතුරුව ජනාධිපතිවරයා සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේ රජයේ නව අධ්යාපන ප්රතිසංස්කරණ සමබන්ධව කටයුතු කිරීම අධ්යාපන විශේෂඥයන්ට පමණක් සීමා නොකර පාසල් ගුරුවරුන්, ආර්ථික ක්ෂේත්රයේ කටයුතු කරන පිරිස් මෙන්ම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය වැනි සංගම් ද ඊට සහභාගී කරවා ගන්නා බවයි.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා

1981 වසරේදී මම අධ්යාපන අමාත්යවරයා ලෙස ධවල පත්රිකාව සකස් කරන විට බොහෝ දෙනෙක් ප්රකාශ කළා පෞද්ගලික පංති තහනම් කරන්න කියලා. එදා අප ඊට එකඟ වුණේ නැහැ.
අධ්යාපන අමාත්යාංශයේ යුතුකම සෑම දරුවෙකුටම හොඳ අධ්යාපනයක් ලබාදීමයි. මේ අතර අමතර පන්ති ක්රමය රට තුළ බිහිවී අද එය විශාල දියුණුවක් ලබා තිබෙනවා. එදා අධ්යාපන ක්ෂේත්රයේ මතු වු අඩු පාඩු නිසා සහ අධ්යාපන ක්ෂේත්රයට දේශපාලනය එක්වීම නිසා ගැටලු විසදා ගැනීමට නොහැකි වීම මත ශිෂ්ය ශිෂ්යාවන් සහ දෙමාපියන් අධ්යාපනය සඳහා විකල්පයක් ලෙස අමතර පන්ති ක්රමය තෝරාගත්තා. නමුත් දැන් පාසල් අධ්යාපනය සහ අමතර පංති එකිනෙකට සම්බන්ධව ඉදිරියට පැමිණ තිබෙනවා.
විශේෂයෙන්ම පසුගිය කෙරෝනා සමයේ මාර්ගගත තාක්ෂණය ඔස්සේ අධ්යාපනය ලබාදීම පිළිබඳව මෙහිදී සඳහන් කෙරුණා. උසස් පෙළ සිසුන්ට මාර්ගගත අධ්යාපනය ලබාදීම සඳහා ටැබ් ලබාදීමට අපි 2017 වසරේදී අධ්යාපන අමාත්යාංශයට යෝජනා කළා. ඒ සඳහා අවශ්ය ප්රතිපාදන ද වෙන් කළා. නමුත් මතු වූ විරෝධතා නිසා අධ්යාපන අමාත්යාංශය එය අතහැර දැමුවා.

එදා එම ව්යාපෘතිය ක්රියාත්මක වූවානම් මාර්ගගත අධ්යාපනය එතැනින් ආරම්භ වෙනවා. නමුත් අද එම ව්යාපෘතිය සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සම්මේලනයෙන් ආරම්භ කිරීම පිළබඳව මම ඔබට ප්රශංසා කරනවා.
ලෝකයේ බොහෝ රටවල අද වන විට පාසල් අධ්යාපනය සහ අමතර පංති ක්රමය එකට බැඳී පවතිනවා. පසුගිය ආර්ථික කඩා වැටීම සමග අපට අත්දැකීම් සම්භාරයක් ලැබුණා. අප දැන් එම ආර්ථික අර්බුදයෙන් ක්රමයෙන් ගොඩ එමින් සිටිනවා. අප නව ආර්ථිකයක් සමඟ ඉදිරියට යා යුතුයි. එහිදී අපනයන ඉලක්කරගත් සහ ඉතා තරගකාරී ආර්ථිකයක් අවශ්යයි. ඒ වගේම දිළිදු බව අවම කෙරෙන ආර්ථික දියුණුවක් ඇති කළ යුතුයි.
මේ සියල්ල සමඟ රටට සුදුසු අධ්යාපන ක්රමයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. එහිදී පාසල් අධ්යාපනය සහ අමතර පන්ති අතර තිබෙන සම්බන්ධය කුමක්ද, ඒ වගේම මාර්ගත තාක්ෂණය සහ කෘත්රීම බුද්ධිය අධ්යාපනයට එක්කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අප සොයාබැලිය යුතුයි. අද තාක්ෂණය නිසා අධ්යාපනය වෙනස්වීමකට ලක්වෙමින් තිබෙනවා. එම වෙනස සමඟ අපත් ඉදිරියට යා යුතුයි.
බ්රිතාන්ය පාලනයේ එක් වාසියක් වුණේ බ්රිතාන්ය ක්රමයේ පාසල් ආරම්භ කිරීමට කෝල්බෘක් ක්රමය තීරණය කිරීමයි. රජය වගේම මිෂනාරි සහ බෞද්ධ පාසල් ආරම්භ වුණා. ඒ අනුව ඉන්දියාවට පෙර බටහිර ක්රමයේ අධ්යාපනය එදා ලංකාවේ ආරම්භ වුණා. එම අධ්යාපනය ක්රමය ආසියාවට එක්වුණේ ලංකාවෙන් බව කිව යුතුයි.
ඒ වගේම අපි අනෙක් රටවලට පෙර නිදහස් අධ්යාපනය ආරම්භ කළා. එසේනම් මෙම නව තාක්ෂණය අධ්යාපනයට එක් කරගන්නේ කෙසේද කියා අප ඉදිරි වසර දෙක තුන තුළ සිතිය යුතුයි. ඒ අනුව නවීන අධ්යාපන ක්රමයකට යා යුතුයි. එය 2030ට නොව 2050ට සුදුසු අධ්යාපන ක්රමයක් විය යුතුයි.
මෙම නව අධ්යාපන ප්රතිසංස්කරණ අධ්යාපන විශේෂඥයන්ට පමණක් සීමා කරන්න බැහැ. ඒ අය වගේම සාමාන්ය ගුරුවරු, ආර්ථික අංශය නියෝජනය කරන අය වගේම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සම්මේලනය වැනි සංගම්ද ඊට සහභාගී කරගත යුතු වෙනවා.
එම නව අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කර නවීන අධ්යාපන ක්රමයකට යා යුතුයි. එහිදී ඉදිරිපත්වන කිසිදු අදහසක් ප්රතික්ෂේප නොකළ යුතුයි. ඒ වගේම අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් නොකළ යුතුයි. අපි කොච්චර ක්රීඩා කළත් ගෝල් එකක් ගහන්න බැහැ. අවසානයේ පරාජය වන්නේ රටයි . ඒ නිසා මෙයින් ඉවත් වී සියලුදෙනා එකට එක්ව කටයුතු කළ යුතුයි. සියලු දෙනා එක්ව අනාගත අධ්යාපන ක්රමය තීරණය කළ යුතුයි. ඒ සඳහා අවශ්ය ප්රතිපාදන ලබාදීමට අප කටයුතු කරනවා. ඒ අනුව වසර 2050 වන විට රටට ඔබින හොඳම අධ්යාපන ක්රමය කුමක්ද කියා මෙම වසර දෙක තුන තුළදී සාකච්ඡා කළ යුතුයි. ඉන් පසුවත් සිදුවන තාක්ෂණික වෙනස්කම් සමඟ පරිවර්තනය වෙමින් අපි ඉදිරියට යමු.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද, රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය, සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ මහලේකම් මහේන් ජේකබ්, භාණ්ඩාගාරික ආසිරි සම්පත්, ජාතික සංවිධායක ජනක ක්රිෂාන්ත යන මහත්වරු ඇතුළු විධායක කමිටු සාමාජිකයන්, දිවයිනේ වෘත්තීය දේශකවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියා

 

 

The post අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි – ජනපති appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post Democracy Is Founded On Elections: Lawyers Collective Condemns Range Bandara’s Statement appeared first on Colombo Telegraph.

- island.lk

Blistering half-centuries from Nicholas Pooran and Rovman Powell helped West Indies make a statement ahead of the T20 World Cup 2024 as they hammered an undermanned Australia in their final warm-up game in Trinidad. Australia fielded a team with just nine players and coaches for sub fielders again, as they did two days ago against […]

- island.lk

South Africa’s ruling party, the African National Congress (ANC), is on course to lose its majority in parliament for the first time since it came to power 30 years ago, partial results from Wednesday’s parliamentary election suggest. With results from more than 50% of voting districts counted so far, the ANC is leading with 42%, […]

- news.lk

A memorial service for late Ambassador of France Jean-François Pactet, jointly organized by Ministry of Foreign Affairs and French Embassy in Colombo was held this morning at St. Mary's Church with the participation of Foreign Minister M.U.M Ali Sabry, Foreign Secretary Aruni Wijewardane and Diplomatic Corps.

- news.lk

Director General of Health Services Dr. Asela Gunawardena told the Parliamentary Caucus for Children that it has been decided to give permission to restart the production of Thriposha, which is given to children between the ages of 06 months to 03 years, which has been temporarily suspended.

- news.lk

The 82nd birthday celebration of Ven. Maduluwawe Sobitha Thera, which was organized by Kotte Naga Vihara, and in line with that the awarding of certificates to the winners of Creative Vesak Greeting Card Design Competition, which was conducted among Dhamma Schools, organized by Naga Vihara Youth Organization, under the guidance of the Prime Minister's Office, in collaboration with the Colombo Dist...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc