මැද පෙරදිග යුද උණුසුම මැද ඉරාන ජනපති ශ්රී ලංකාවට පැමිණෙන්නේ ඇයි ?
මැදපෙරදිග පවතින යුද උණුසුම මැද එහි ප්රබල පාර්ශවකරුවෙකු වන ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්රහිම් රයිසි හෙට (අප්රේල් මස 24 වෙනිදා) ශ්රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබේ.විදේශ කටයුතු අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආරාධනයකට අනුව ඉරාන ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන බවය.