ජනපති ඉරානයට තුති පුදයි
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ඉරානය විසින් ලබාදුන් තාක්ෂණික සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පිරිනමන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය විවෘත කිරීමේ උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ඉරානයේ සහාය නොමැතිව ශ්රී ලංකාවට උමා ඔයෙහි ජලය කිරිඳි ඔයට ගෙනයාමට නොහැකි වනු ඇති බවයි ඒ කළේ.
ගෝලීය දකුණේ රටවල් සිය අනන්යතාව සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට ඇති කැමැත්ත සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ගෝලීය දකුණේ රටවල් එක්ව නැගී සිටිය යුතු බව ද අවධාරණය කළා
The post ජනපති ඉරානයට තුති පුදයි appeared first on ITN News.