ශ්රී ලනිපයට සභාපතිවරුන් දෙදෙනෙක්: 'මෛත්රී පක්ෂය විජයදාසට වික්කා' ද?
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසන්නේ, නඩු විශාල සංඛ්යාවකට මුහුණ දී සිටින මෛත්රීපාල සිරිසේන, එම "නඩුවලින් බේරීමට අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂය විකුණා දැමුවා දැයි ඇති වූ සැකය මේ වන විට තහවුරු වී ඇති," බව ය.පක්ෂ ව්යවස්ථාවට පටහැනිව විජයදාස රාජපක්ෂ පක්ෂයේ වැඩබලන සභාපති ධූරයට පත් කිරීම සිය පාර්ශවය පිළිනොගන්නා බවත්, එය නීතිවිරෝධී බවත් දුමින්ද දිසානායක පවසයි.