අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නමින් පෙනී සිටි මහින්ද මානසික රෝගියෙක්
අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්ය ඔස්සේ පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්ය වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
ඒ ඔහුට එරෙහිව ඇති නඩුව අද කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ දී ය.
ඒ අනුව අදාළ විත්තිකරු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට මානසික වෛද්ය විශේෂඥයින් විසින් අධිකරණය හමුවට වාර්තාවක් මගින් කරුණු දක්වා ඇති බව කොටුව මහේස්ත්රාත් කෝසළ සේනාදීර මෙහිදී සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, එම වාර්තාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ජුනි මස 19 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහේස්ත්රාත්වරයා මෙහිදී නියෝග කළේ ය.
The post අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නමින් පෙනී සිටි මහින්ද මානසික රෝගියෙක් appeared first on ITN News.