සාමාන්ය පෙළ උපකාරක පංති 30 වැනිදා මධ්යම රාත්රියේ සිට තහනම්
මෙවර අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්යම රාත්රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එදින මධ්යම රාත්රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇති.
එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්රියාමාර්ග ගැනීමට ද නියමිතයි.
අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය මැයි 06 සිට 15 වන දින දක්වා පැවැත්විමට සැලසුම් කර තිබේ.
මේ අතර පසුගියදා පැවති අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල මැයි මස අග නිකුත් කිරීමට කටයුතු කරන බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
The post සාමාන්ය පෙළ උපකාරක පංති 30 වැනිදා මධ්යම රාත්රියේ සිට තහනම් appeared first on ITN News.