හෙරොයින් සමඟ තුන්දෙනෙක් අත්අඩංගුවට
මහ පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන දනුක නැමැත්තාගේ ගෝලයින් තුන්දෙනෙකු හෙරොයින් හා රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.
යුක්තිය මෙහෙයුමට සමගාමීව කළ සොදිසි කිරීමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. හෙරොයින් කිලෝ ග්රෑම් එකයි ග්රෑම් 60ක් සහ මිලි ග්රෑම් 150ක් , ජංගම දුරකතන තුනක් ,ලක්ෂ 50කට ආසන්න මුදලක් මෙලෙස අත්අඩංගුවට ගැණුනා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 31 / 34 සහ 49 යන වයස්වල පසුවන්නන්.
වැඩිදුර විමර්ෂණ සඳහා මෙම සැකකරුවන් තුන්දෙනා පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.
The post හෙරොයින් සමඟ තුන්දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.