STF විශේෂ පුහුණුවක් ලැබූ පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායම විසිර යයි
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ පාතාලය මර්දනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලැබූ පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායම විසිර ගියා.
අමාත්ය ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් විසිරයාමේ උත්සවය පැවැත්වුණේ කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදීයි.
යතුරුපැදිකරුවන් අනූහය දෙනෙකු මෙහිදී විසිර ගියා.
අපරාධකරුවන් පසුපස හඹා ගොස් ඔවුන්ගේ ක්රියාකාරකම් මර්දනය කිරීම සඳහා මෙම නිලධාරීන් යෙදවීමට නියමිතයි.
The post STF විශේෂ පුහුණුවක් ලැබූ පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායම විසිර යයි appeared first on ITN News.