ඉන්දීය ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 4ක් ළඟදීම ජනතා අයිතියට
ඉන්දීය ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 4ක් ළඟදීම ජනතා අයිතියට පත්කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
ඉන්දියානු ණය ආධාර යටතේ දිවයින පුරා ක්රියාත්මක ගම්මාන 101කින් ගම්මාන 7ක නිවාස ඉදිකිරීම් මේ වන විට අවසන් කොට ජනතා අයිතිට පත්කර තිබෙනවා.
කොළඹ , රත්නපුර,ත්රිකුණාමල හා මොණරාගල දිස්ත්රික්කවල ඉදිකෙරුණු තවත් ගම්මාන 4ක් නුදුරේදීම ජනතා අයිතියට පත් කරන බවයි අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසන්නේ.
මේ අතර ඉන්දීය ආධාර මත ක්රියාත්මක වතු නිවාස ව්යාපෘතියේ මූලික කටයුතු ද මේ වන විට ක්රියාත්මකයි.
නිවාස 8445ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජය රුපියල් මිලියන 23646ක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
The post ඉන්දීය ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 4ක් ළඟදීම ජනතා අයිතියට appeared first on ITN News.