ජනාධිපතිවරණයේදී බලපත්රලාභී විදේශ රැකියා නියෝජිතයින්ගේ සහාය ජනපති රනිල්ට
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ජයග්රහණය සහතික කිරීම සඳහා වන සමුළුවක් විදේශ රැකියා බලපත්රලාභීන්ගේ දේශපාලන සංසදය විසින් පවත්වනු ලැබුවා.
බලපත්රලාභී විදේශ රැකියා නියෝජිතයින් 300කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සමාරම්භක සමුළුවට කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහත්වරු සහභාගි වුණා.
එහිදී ඉදිරි ජනාධිපතිවරණයේදී දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරීමට සමුළුවේ එකඟතාව පළ කෙරුණා.
The post ජනාධිපතිවරණයේදී බලපත්රලාභී විදේශ රැකියා නියෝජිතයින්ගේ සහාය ජනපති රනිල්ට appeared first on ITN News.