චන්න ජයසුමනට සභාපති ධුරයක්
පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවන ලද ශ්රී ලංකා වෛද්ය පාර්ලිමේන්තු මන්ත්රී සංසදයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා තේරී පත්වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය උපුල් ගලප්පත්ති මහතා විසින් ජයසුමන මහතාගේ නම යෝජනා කරන ලද අතර වෛද්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ස්ථිර කර තිබෙනවා.
එසේම සංසදයේ අනුශාසකවරු ලෙස වෛද්ය රාජිත සේනාරත්න සහ සෞඛ්ය අමාත්ය වෛද්ය රමේශ් පතිරණ යන මහත්වරු තේරී පත්වූ අතර නියෝජ්ය සම සභාපතිවරු ලෙස වෛද්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ සහ වෛද්ය කාවින්ද ජයවර්ධන යන මහත්ම මහත්මීහූ තේරී පත්වුණා
The post චන්න ජයසුමනට සභාපති ධුරයක් appeared first on ITN News.