දිවයින පුරා පිහිටි ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලක්
දේශීය වෛද්යවරුන් සවිමත් කරමින් දිවයින පුරා පිහිටි ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණා.
ව්යාපෘතිය යටතේ දිවුලපිටිය ආයුර්වේද සංරක්ෂණ සභාව සවිබල ගැන්වීම රාජ්ය අමාත්ය සිසිර ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙනුයි සිදුකෙරුණේ.
පාරම්පරික වෛද්යවරුන් මුහුණපාන ගැටලු රැසක් මෙහිදි ඉදිරිපත් කෙරුණා.
ම ගැටලු විසදීමට කැපවන බවයි අමාත්යවරයා මෙහිදි ප්රකාශ කළේ.
ඒ අනුව ආයුර්වේද වෛද්ය සභාවේ ලියාපදිංචි වීමේ ක්රමවේද හදුන්වාදීම හා දේශීය වෛද්ය ක්රම සංරක්ෂණය කිරීමේ ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට නියමිතයි.
එම වෛද්යවරුන්ට නිසි පිළිගැනීමක් ලබාදීම පිළිබදව ද මෙහිදි අවධානය යොමුවුණා.
The post දිවයින පුරා පිහිටි ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.