IPL 2024: ප්රබල ක්රීඩකයින් වෙනුවෙන් වැය කළ කෝටි ගණන් සල්ලි මෙවර 'වතුරේ යයි ද?'
ලෝකයේ වැඩි ම අවධානයට පාත්ර වූ ක්රිකට් තරගාවලියක් ලෙස සැලකෙන ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරගාවලියේ 17 වන අදියරේ සමස්ත තරග 74න් 41ක් මේ වන විට අවසන් වී තිබේ.මෙවර තරගාවලියේ විශේෂත්වයක් වන්නේ, අධික මුදල්වලට මිල දී ගැනුණු ජ්යෙෂ්ඨ ක්රීඩකයින් වෙනුවට අත්දැකීම් අඩු නවක ක්රීඩකයින් විශිෂ්ට දක්ෂතා දැක්වීම ය.අධික මුදලකට වෙන්දේසි වූ ජ්යෙෂ්ඨ ක්රීඩකයින් රැසක් මේ වන විට අසාර්ථකත්වයට පත්ව සිටිති.