ඇල්ල කරඳගොල්ල ප්රදේශයේ නායයාමක්
ඇල්ල කරඳගොල්ල ප්රදේශයේ නායයාමක් සක්රිය වී තිබෙනවා.
අක්කර දෙකක පමණ භූමියක නාය යාම සක්රිය වුවද එය අක්කර 30ක පමණ වපසරියකට බලපෑම් එල්ලකර ඇති බවයි දැක්වෙන්නේ.
මේ වනවිට භූමිය අඩි 10ක් පමණ ගිලා බැස ඇති අතර නායයාම තවදුරටත් සක්රිය වුවහොත් ඇල්ල වැල්ලවාය මාර්ගයටද බලපෑම් එල්ලවිය හැකිය.ි
අක්කර 15ක පමණ ප්රමාණයක කන්ද බිඳවැටීමක් පැහැදිලිව ඇති බවත් එය ක්රියාත්මක වුවහොත් ඇල්ල – වැල්ලවාය මාර්ගයට දැඩි අවධානමක් ඇති බව ද බදුල්ල දිස්ත්රික් ආපදා කළමණාකරණ ඒකකයේ නියෝජ්ය අධ්යක්ෂ, උදය කුමාර මහතා ප්රකාශ කළා.
The post ඇල්ල කරඳගොල්ල ප්රදේශයේ නායයාමක් appeared first on ITN News.