ගාසා තීරයට එල්ල වූ බෝම්බ ප්රහාරවලින් 15 දෙනෙක් මියයයි
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්රායල බෝම්බ ප්රහාරවලින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය ගොස් තිබෙනවා.
ගාසාවේ සිවිල් ආරක්ෂක අංශය පවසන්නේ රෝහල් තුළ සිදු විය හැකි ඊශ්රායල යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
නසාර් රෝහල අසල සමූහ මිනීවළකින් සිරුරු සිය ගණනක් ගොඩගැනීමත් සමඟයි මේ පිළිබඳ අවධානය යොමුව ඇත්තේ.
ගාසා තීරයේ මිලියනයකට වඩා වැඩි පිරිසක් මේ වන විට අවතැන්ව සිටිනවා.
ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්රායල එල්ල කරන ප්රහාරවලින් පලස්තීනුවන් 34,356 ක් මිය ගොස් 77,368 ක් තුවාල ලබා තිබෙනවා.
හමාස් ප්රහාරවලින් ඊශ්රායලයේ මියගිය සංඛ්යාව 1,139 ක්.
The post ගාසා තීරයට එල්ල වූ බෝම්බ ප්රහාරවලින් 15 දෙනෙක් මියයයි appeared first on ITN News.