‘රනිල්ට ඉඩදෙමු’ යතුරුපැදි සවාරිය ඇරඹෙයි
‘රනිල්ට ඉඩ දෙමු’ යතුරු පැදි සවාරිය කොළඹ පෙරහැර මාවතෙන් ගමන් ආරම්භ කළා.
දින 05ක් රට පුරා මෙම යතුරු පැදි සවාරිය ගමන් කිරීමට නියමිතයි.
අනතුරුව එය මැයි දින සැමරුම සමඟ එක්වීමට සැළසුම් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික යොවුන් පෙරමුණ ඇතුළු තරුණ සංවිධාන එක්ව මෙය සංවිධාන කළා.
සමාරම්භක අවස්ථාවට ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රියමහතා ඇතුළු පිරිසක් එක් වුණා.
The post ‘රනිල්ට ඉඩදෙමු’ යතුරුපැදි සවාරිය ඇරඹෙයි appeared first on ITN News.