පලස්තීනයට එල්ල වන ප්රහාර වලට විරෝධය පළ කරමින් ඇමරිකාවේ උද්ඝෝෂණ මාලාවක්
පලස්තීනයට එල්ල වන ප්රහාර වලට විරෝධය පළ කරමින් ඇමරිකාවේ උසස් අධ්යාපන ආයතන හා විශ්ව විද්යාලවල සිසු සිසුවියන් උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කර තිබෙනවා.
ඇමරිකාව පුරා විශ්ව විද්යාල මණ්ඩප රැසක පසුගිය දිනවල පලස්තීන හිතවාදී විරෝධතා පැවැත්වුණා.
එමෙන්ම උසස් පාසල් කිහිපයක විරෝධතාකරුවන් පොලිස් අත්අඩංගුවට පත්වීම් ද වාර්තා වනවා.
පසුගිය සතියේ ආරම්භ වූ පෙලපාලිවල කේන්ද්රස්ථානය වූ නිව් යෝර්ක් කොලොම්බියා විශ්ව විද්යාලයේ විරෝධතාකරුවන් පවසා ඇත්තේ ඊශ්රායල විශ්ව විද්යාල සමඟ සබඳතා නැවැත්වීමට හා ඊශ්රායලයට සම්බන්ධ ආයතනවලට ලබා දෙන අරමුදල් කපා හැරීමට එකඟ වන තුරු තමන් විසිර නොයන බවයි.
මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය, එමර්සන් විද්යාලය, ඔස්ටින්හි ටෙක්සාස් විශ්ව විද්යාලය, මිචිගන් විශ්ව විද්යාලය හා බර්ක්ලි හි කැලිෆෝනියා විශ්ව විද්යාලය ඇතුළු අනෙකුත් විශ්ව විද්යාල වලද විරොධතා පැවැත්වෙනවා.
The post පලස්තීනයට එල්ල වන ප්රහාර වලට විරෝධය පළ කරමින් ඇමරිකාවේ උද්ඝෝෂණ මාලාවක් appeared first on ITN News.