ආරක්ෂක අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න රුසියාවට
රාජ්ය ආරක්ෂක කටයුතු සදහා වන උසස් නිලධාරීන්ගේ 12 වන ජාත්යන්තර හමුව රුසියාවේ ශාන්ත පීටර්ස් බර්ග් හිදී පැවැත්වුණා.
රටවල් රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙනුයි මෙය පැවැත්වුණේ. වර්තමානයේ ගෝලීය වශයෙන් සියලු ජාතීන් මුහුණ දෙන ආරක්ෂක අභියෝග පිලිබද සාකච්ඡා කිරීමට සහ ඒවාට අවශ්ය විසදුම් සෙවීම සදහා මෙය තීරණාත්මක හමුවක් වනවා.
ශ්රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් විශ්රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා මීට එක්වුණා.
රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා හා මෙරට ආරක්ෂක ලේකම්වරයා අතර සාකච්ඡාවක් ද පැවැත්වුණා.
The post ආරක්ෂක අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න රුසියාවට appeared first on ITN News.