සංගා – මහේල ක්රිකට් කුසලානයේ ශූරතාව කොළඹ නාලන්දා විද්යාලීය කණ්ඩායමට
සංගා මහේල ක්රිකට් කුසලානයේ ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්යාලීය කණ්ඩායම අද සමත් වුණා.
කොළඹ නාලන්දා විද්යාලය සහ මහනුවර ත්රිත්ව විද්යාලය අතර පැවති දෙදින ක්රිකට් තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් මහනුවර ත්රිත්වවිද්යාලීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 72 ක් පමණයි.
පන්දු යැවීමේදී නාලන්දා විද්යාලයේ මිනෝත් කල්දේරා ලකුණු 14ට කඩුළු 04 ක් බිදහෙලිවා.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ නාලන්දා විද්යාලීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 172 ක් රැස් කළා. ත්රිත්ව විද්යාලයේ වතිල උදාර ලකුණු 29යට කඩුළු 05 ක් බිද හෙළුවා.
අනතුරුව සිය දෙවන ඉනිම ක්රීඩා කිරීම සදහා පිටියට පිවිසි මහනුවර ත්රිත්ව විද්යාලීය ක්රීඩකයන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 109 ක් පමණයි. ඒ අනුව තරගය ජයගැනීම සදහා ලකුණු 09 ක ඉලක්කයක් හඹා ගිය නාලන්දා විද්යාලීය කණ්ඩායම ඉතා පහසුවෙන් තරගයේ ජය හිමිකර ගැනීමට සමත් වුනා.
හොදම පන්දු යවන්නා නාලන්දා විද්යාලයේ මිනෝද් කල්දේරා.
හොදම පිතිකරුවාට හිමි සම්මානය දිනාගත්තේ නාලන්දා විද්යාලයේම සදෙව් සමරසිංහයි. තරගයේ වීරයා නාලන්දා විද්යාලයේ සජිත විතානගේ.
The post සංගා – මහේල ක්රිකට් කුසලානයේ ශූරතාව කොළඹ නාලන්දා විද්යාලීය කණ්ඩායමට appeared first on ITN News.