ඇළකට වැටී කුඩා දරුවෙක් මියයයි
වයස අවුරුද්දයි මාස 10ක් වන දරුවෙකු ඉසෙඩ් ඩී ඇලේ අතු ඇලකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
වැලිකන්ද සිංහපුර, ජයවික්රම ගම්මානයේ පදිංචිව සිටි දරුවෙකුයි මෙම අනතුරට ලක්වුණේ.
සිද්ධියෙන් මියගිය දරුවා හා ඔහුගේ වැඩිමහල් සහෝදරිය නිවසේ සිටිය දී ඒ අසල පිහිටි ඇලට වැටීමෙනුයි මෙම අනතුරට සිදුව ඇත්තේ.
මව තවත් දරුවෙකු සමග නිවසෙන් පිටතට ගොස් තිබුණා. දරුවා ඇලෙන් ගොඩට ගෙන වැලිකන්ද රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් මියගොස් තිබෙනවා.
The post ඇළකට වැටී කුඩා දරුවෙක් මියයයි appeared first on ITN News.