මහරගමින් ඇල්ලූ කෝටි 20ක හෙරොයින්
රුපියල් කෝටි විස්සකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග සැකකරුවෙකු මහරගම නාවින්න ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත, දකුණ අපරාධ කොට්ඨාසය යටතේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව අලුතින් පිහිටවූ සංවිධානාත්මක අපරාධකල්ලි මැඩලීමේ ඒකකය මගිනුයි මෙම මත්කුඩු තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
හෙරොයින් කිලෝග්රෑම් 7යි ග්රෑම් 60කට ආසන්න ප්රමාණයක් අත්අඩංගුවට ගැනුණා.
ඒත් සමගම සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කටුගස්තොට ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු නාවින්න ප්රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිට තිබෙනවා. ඩුබායි හි සිටින අයෙකුගෙන් තමන්ට මෙම මත්කුඩු ලැබුණු බවයි සැකකරු ප්රකාශ කර ඇත්තේ.
The post මහරගමින් ඇල්ලූ කෝටි 20ක හෙරොයින් appeared first on ITN News.