ව්යාජ රත්රන් කිලෝ 4ක් සමඟ 3 දෙනෙකු අත්අඩංගුවට
ව්යාජ රත්රන් කිලෝ 4ක් සමඟ සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
කිලිනොච්චිය යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කිලිනොච්චිය කන්දසාමී කෝවිල ඉදිරිපිට වැටලීමක් සිදු කෙරුණා.
එහිදී බලපත්ර නොමැතිව කිලෝ ග්රෑම් 4යි ග්රෑම් 170ක බරින් යුතු ව්යාජ රත්රන් මෝටර් රථයකින් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනා.
ඔවුන් අවුරුදු 41 /30 හා 32 යන වයස්කාණ්ඩවල පසුවන වව්නියාව ප්ර දේශයේ පදිංචිකරුවන්. වැඩිදුර විමර්ශන සදහා සැකකරුවන් කිලිනොච්චිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.
The post ව්යාජ රත්රන් කිලෝ 4ක් සමඟ 3 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.