රත්නපුර දිස්ත්රික්කයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට පාසැල් උපකරණ
කම්කරු හා විදේශ හැකියා අමාත්යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ‘ජයගමු ශ්රී ලංකා ජනතා ජංගම සේවයේ ‘ රත්නපුර දිස්ත්රික් වැඩසටහනේ තවත් එක් ප්රජාසත්කාරයක් වන අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට පාසැල් උපකරන බෙදාදීම ඊයේ සිදුවුණා.
ඒ අනුව රත්නපුර දිස්ත්රික්කයේ සෑම ප්රදේශිය ලේකම් කොට්ටාසයක්ම අවරණය වන පරිදි අඩුආදාම් ලාභීපවුල්වලින් තෝරාගත් පාසැල් සිසුන් දහසකට පාසැල් උපකරණ සහ පොත් බෑග් බෙදාදීම මෙහිදී සිදුවුණා.
බෙදාදෙන ලද පාසැල් උපකරණ වල වටිනාකම රුපියල් මිලියන තුනකට ආසන්නය.
කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ ශ්රම වාසනා අරමුදල් ක්රමය යටතේ මෙම පාසල් උපකරණ ප්රදානය සිදු කෙරුන අතර එම අවස්ථාවට වනජීවී හා වන සංරක්ෂණ, වාරිමාර්ග අමාත්ය පවිත්රා දේවි වන්නිආරච්චි සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්ය මනූෂ නානයකකර ඇතුලු ආරාධිතයන් පිරිසක් සහභාගී වුණා.
The post රත්නපුර දිස්ත්රික්කයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට පාසැල් උපකරණ appeared first on ITN News.