මාර්ග සංවර්ධන වැඩපිළිවෙළ අඛණ්ඩව
පොලොන්නරුව මැදිරිගිය විහාරගම සිට පලුවද්දන දක්වා වූ ප්රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදු වනවා.
විහාරගම ගම්මානයේ සිට පලුවද්දල දක්වා වූ මෙම මාර්ගයේ කිලෝමීටර් එක හමාරක දුරක් මෙසේ කාපට් අතුරා සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එම කටයුතු ආරම්භ කෙරුණේ රාජ්ය අමාත්ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්රධානත්වයෙන්.
පාර්ලිමේන්තු මන්ත්රී ජගත් සමරවික්රම මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මාර්ග සංවර්ධන අධිකාරිය මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 36.80ක්.
වසර ගණනාවකින් සංවර්ධනය නොවූ මෙම මාර්ගය මෙලෙස පිලිසකර කර දීම සම්බන්ධයෙන් ප්රදේශවාසීන් රජයට සිය ප්රසාදය පල කර සිටිනවා.
The post මාර්ග සංවර්ධන වැඩපිළිවෙළ අඛණ්ඩව appeared first on ITN News.