රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට
විනිමය අනුපාතය වෙළෙඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්රමයෙන් ජනතාවට ලැබෙන බවයි රාජ්ය අමාත්යවරයා පෙන්වා දෙන්නේ.
ඒ මත ණය ආපසු ගෙවීමේ බර පහත යාම ද වැදගත් වනවා.
මිලදී ගැනීමේ ශක්තිය ඉහළයාම උද්දමන පීඩනය අඩුවීම සහ මූල්ය ස්ථායිතාව ආරක්ෂා කර ගැනීමට හැකි වීම ද සිදුවන බවයි රාජ්ය අමාත්යවරයා පෙන්වා දෙන්නේ.
2002 වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 360ක් දක්වා ඉහළ ගිය අතර එය 450ත් 500ත් දක්වා ඉහළ යනු ඇති බවට පුරෝකතන ඉදිරිපත් කෙරුණා.
එහෙත් අද වන විට එම අනුපාතය 300ක මට්ටමේ පවත්වාගෙන යාමට හැකිවී ඇති බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරනවා.
The post රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට appeared first on ITN News.