කළුතර ශික්ෂණ රෝහලේ වෛද්යවරුන් සිදුකළ සාර්ථක සැත්කම
එකිනෙක බද්දවූ වකුගඩුවල තිබූ ගල් විශාල කැපුම් නොමැතිව නවින තාක්ෂණ උපකරණ භාවිත කරමින් ඉවත් කිරීමට කළුතර ශික්ෂණ රෝහලේ වෛද්ය කණ්ඩායමක් සමත්වුණා.
38 හැවිරිදි රෝගියෙකුගේ වකුගඩු දෙකෙහිම තිබූ ගල් සාර්ථකව ඉවත් කිරීම කළුතර ශික්ෂණ රෝහලේ ශල්යාගාරයේදී සාර්ථකව සිදු කෙරුණේ නවීන තාක්ෂණය යොදා ගනිමින්.
මෙම රෝගියාගේ වකුගඩු උපතිමන්ම අශ්ව ලාඩමක් ආකාරයෙන් බද්ධව පිහිටා තිබුණා.
ඉතා සියුම් කුහර දෙකක් පමණක් සිදුකරමින් නවීන උපකරණ වකුගඩු තුළට යොමු කිරීම මෙම ශල්යකර්මයේදී සිදුකර ඇති අතර වකුගඩු තුල තිබූ ගල්කුඩුකර ඉවත් කිරීමට අධි වෝල්ටීය තාවයෙන් යුත් ලේසර් යන්ත්රයක් භාවිත කර තිබෙනවා.
මෙවැනි ශල්ය කර්මයක් සිදු කිරීමට මීට පෙර විශාල කැපුම් යෙදුව සියුම් කැපුම් සහිතව සාර්ථකව මෙය සිදු කිරීමට හැකි වූ බව කළුතර රෝහලේ මෞත්ර ලිංගික ශල්ය වෛද්ය විශේෂඥ කළණ පරණ පල්ලියගුරුගේ මහතා පවසනවා.
The post කළුතර ශික්ෂණ රෝහලේ වෛද්යවරුන් සිදුකළ සාර්ථක සැත්කම appeared first on ITN News.