රට පනින්න හැදූ අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට
ව්යාජ ගමන් බලපත්රයක් භාවිත කරමින් විදෙස් ගතවීමට උත්සාහ කළ අංගොඩ ලොක්කා නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් කටුණායක ගුවන් තොටුපලේ දීයි ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ගුවන් තොටුපල පර්යන්තයේ මුහුණ හදුනා ගැනීමේ පද්ධතිය මගින් මෙම පුද්ගලයා හදුනා ගැනීමෙන් පසුවයි අත්අඩංගුවට ගැණුනේ.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකිරීමේ දී අංගොඩ ලොක්කා නමැත්තාගේ ප්රධාන ගෝලයෙකු බවට අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම අයිස් මත්ද්රව්ය ජාවාරම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්යව සිටි සැකකරුවෙකු බවයි පොලීසිය පවසන්නේ.
The post රට පනින්න හැදූ අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.