මාස 09යේ බිළිඳියගේ ඝාතනයට මව අත්අඩංගුවට
මහබාගේ, හලන්දුරුව ප්රදේශයේදී ඊයේ (28) මාස 09ක් පමණ වූ බිළිඳියක් කවුරුන් හෝ රැගෙන ගොස් ඇති බවට බිළිඳියගේ පියා විසින් මහබාගේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකදී එම බිළිඳිය පදිංචිව සිටි නිවස ආසන්නයේ පිහිටා තිබූ ළිඳක් තුල තිබී ඇයගේ මෘත ශරීරය හමුවී ඇත.
අනතුරුව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී මව විසින් බිළිඳිය ළිඳට දමා ඝාතනය කර ඇති බවට අනාවරනය වී ඇති අතර, ඒ අනුව මෙම ඝාතනයට සැකපිට බිළිඳියගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අවුරුදු 30ක් වූ එම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මහබාගේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
The post මාස 09යේ බිළිඳියගේ ඝාතනයට මව අත්අඩංගුවට appeared first on ITN News.