ආසියානු කනිෂ්ඨ මළළ ක්රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්රී ලංකා ක්රීඩා කණ්ඩායම දිවයිනට
21 වැනි ආසියානු කනිෂ්ඨ මළල ක්රීඩා තරගාවලියට සහභාගී වී රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගත් ශ්රී ලංකා කණ්ඩායම අද (29) අලුයම දිවයිනට පැමිණියා.
මෙම තරගාවලිය සදහා ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 17 දෙනෙකු සහභාගි විය.
මෙම තරගාවලිය සඳහා රටවල් 34 ක ක්රීඩක ක්රීඩිකාවන් එක්ව සිටි අතර, තුන් පිම්ම ගැහැණු සහ මීටර් 100 – 4 පිරිමි සහාය දිවීමේ ඉසව්වලින් නව ශ්රී ලංකා වාර්තා පිහිටුවමින් රිදී පදක්කම් 02 ක් දිනාගෙන තිබුණා.
එමෙන්ම මීටර් 400 – 4 සහාය දිවීම පිරිමි, ගැහැණු සහ මිශ්ර ධාවන ඉසව් වලින් ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මෙම ජයග්රාහී ශ්රී ලංකා මළළ ක්රීඩා කණ්ඩායම අද (29) දින අලුයම 01.00 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ඔවුන් පිළිගැනීම සදහා මෙම ක්රීඩක ක්රීඩිකාවන්ගේ දෙමාපියන් , ඔවුන් ඉගෙනුම ලබන පාසැල් වල ගුරු භවතුන් , සිසුන් , අධ්යාපන සහ ක්රීඩා අමාත්යාංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
The post ආසියානු කනිෂ්ඨ මළළ ක්රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්රී ලංකා ක්රීඩා කණ්ඩායම දිවයිනට appeared first on ITN News.