හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්ය ඝාතන සිදු කිරීම හා මංකොල්ලකෑම් යන අපරාධ සිදුකර ඇප මත නිදහස්ව සිටි පුද්ගලයකු හෙරොයින් මත්කුඩු සමඟ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය කෑගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (28) වන දින රඹුක්කන පොලිස් වසමේ වාගොල්ල වත්ත, හංදිය අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි හෙරොයින් මත්කුඩු මිලි ග්රෑම් 820 සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 42 ක් වන රඹුක්කන ප්රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රඹුක්කන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
තවද සිදු කරන ලද වැඩිදුර විමර්ශන වලදී මෙම පුද්ලගයා 2022 වර්ෂයේ අහුංගල්ල හෝටලයක් අසල දී පුද්ගලයින් දෙදෙනකුට වෙඩිතබා ඝාතනය කිරිමේ සිදුවිමට අදාලව හා 2017 වර්ෂයේ දි ඇඹිලිපිටිය ගොඩකවෙල ප්රදේශයේ දී මිල කළ නොහැකි මැණික් මංකොල්ලයක් සම්බන්ධයෙන් මෙන්ම 2017 වර්ෂයේ මීගමුව කඩවත මාර්ගයේ රාගම ප්රදේශයේ බැසිලිකා පාසල අසල දී මෙම පුද්ගලයා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු විසින් T56 ගිනි අවියකින් වැන් රථයකට වෙඩිතබා එම වැන් රථයෙන් රුපියල් ලක්ෂ 78 ක මුදලක් මංකොල්ලකෑම සම්බන්ධයෙන් ද සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව ඇති බවට කරණු අනාවරණය වී ඇත.
The post හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.