හිටපු ඇමති ෆවුසිට එරෙහි නඩුවක් කල් යයි
හිටපු අමාත්යවරයෙකු වු ඒ එච් එම් ෆවුසි මහතාට එරෙහි නඩුවක් ලබන මස 22 වනදා දක්වා කල් තැබුණා.
නෙදර්ලන්ත රජය ආපදා කළමනාකරණ මධ්යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් සිදුකළ බවටයි ඒ එච් එම් ෆවුසි මහතාට චෝදනා එල්ල වුයේ.
අල්ලස් කොමිසම ගොනුකළ මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද යළි විභාගයට ගැනුනා.
අසනීප තත්ත්වයකින් පසුවන බැවින් ෆවුසි මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
The post හිටපු ඇමති ෆවුසිට එරෙහි නඩුවක් කල් යයි appeared first on ITN News.