පන්දු යවන්නන්ට අපායක් වූ පිතිකරුවන්ට පාරාදීසයක් වූ IPL 2024: මෙතෙක් සිදුවූයේ කුමක් ද?
ලෝකයේ මිල අධික ම ක්රිකට් තරගාවලිය ලෙස සැලකෙන ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) පන්දු යවන්නන්ගේ අනාගතය අවිනිශ්චිතභාවයට පත් කරන තරගාවලියක් බවට මේ වසරේ පත්ව තිබේ.ඉන්දියාව පුරා ඇති ක්රිකට් ක්රීඩාංගණවලදී පිතිකරුවෝ සුළඟට අභියෝග කරමින්, අනුකම්පා විරහිත ලෙස දැවැන්ත පහරවල් එල්ල කරමින්, සෑම තරගයක් ම පාහේ 6 පහර එල්ල කරන සැණකෙළියක් බවට පත් කරමින් සිටිති.